දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්පහ පළාත් පාලන මැතිවරණයට සූදානම්
Homeප්‍රවෘත්ති

ගම්පහ පළාත් පාලන මැතිවරණයට සූදානම්

PropellerAds

ජනවාරි 10 දින පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නි...

වනජීවී නිලධාරිනිය කතාකල විදිහ වැරදියි - සරත් කුමාර
සජිත් හිරවෙන ගැටයක් රනිල් තද කරයි.. අලියා වෙනස් කරන්න සූදානම් !
නීතිපති පොලිස්පති ගැටුම දුරදිග යයි
ගම්පහ පළාත් පාලන මැතිවරණයට සූදානම්

ජනවාරි 10 දින පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි. 

මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමට නියමිතය. ඒ සඳහා ඡන්දදායකයන් 1,724,309 සුදුසුකම් ලබා සිටිති. ගම්පහ දිස්ත්‍රික්කයෙහි මහ නගර සභා 2ක්, නගර සභා 5ක් සහ ප්‍රාදේශීය සභා 12ක් සඳහා සභිකයින් 688 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 13ක් සහ ස්වාධීන කණ්ඩායම් 15කින් අපේක්ෂක, අපේක්ෂිකාවන් 4,407 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සඳහන් කළේය. 

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායක සංඛ්‍යාව 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාවට වඩා 86,772 කුගේ වැඩිවීමකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13හි මධ්‍යස්ථාන 1,222ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙනු ඇත. ඒ කොට්ඨාස වශයෙන් පිහිටුවන මධ්‍යස්ථාන 403කදී ඒ ඒ කොට්ඨාසයන් සඳහා තේරී පත්වන සභිකයින්ගේ නම් වාචිකව ප්‍රකාශයට පත් කෙරෙන බවත් පළාත් පාලන ආයතන 19 සඳහා තේරී පත්වන සභිකයින්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම වේයන්ගොඩ පත්තලගෙදර පිහිටි සියනෑ විද්‍යාපීඨයෙහි ස්ථාපිත කෙරෙන ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සිදු කෙරෙන බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පැවසීය.

මෙවර මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනසෙත පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ,  එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය යන පිළිගත් දේශපාලන පක්ෂ 13 හා ස්වාධීන කණ්ඩායම් 15ක් විසින් නාමයෝජනා භාර දෙනු ලැබීය.

මේ අනුව මීගමුව මහ නගර සභාව සඳහා සභිකයින් 48 දෙනෙකු, ගම්පහ මහ නගර සභාව සඳහා සභිකයින් 28කු, වත්තල - මාබෝල නගර සභාව සඳහා සභිකයින් 16කු, කටුනායක - සීදුව නගර සභාව සඳහා සභිකයින් 18කු, මිනුවන්ගොඩ නගර සභාව සඳහා සභිකයින් 15කු, ජාඇල නගර සභාව සඳහා සභිකයින් 16කු සහ පෑලියගොඩ නගර සභාව සඳහා සභිකයින් 16කු තෝරා පත් කර ගැනීමට නියමිතය.

වත්තල ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 35 දෙනෙකු, කටාන ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 41කු, දිවුලපිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 43කු, මීරිගම ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 48කු, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 46කු, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 50කු,  ගම්පහ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 36කු, ජාඇළ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 43කු, මහර ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 55කු, දොම්පේ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 41කු, බියගම ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින්  53කු සහ කැලණිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 40කු තෝරා පත් කර ගැනෙනු ඇත.

දිස්ත්‍රික්කයෙහි මැතිවරණ රාජකාරීන් සඳහා රාජ්‍ය නිලධාරීන් 12,000 පමණ පිරිසක් යෙදවීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කරනු ලැබූ අතර පොලිසියට අමතරව අවශ්‍යතාවක් ඇතිවුවහොත් හමුදා නිලධාරී සහායද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්පහ පළාත් පාලන මැතිවරණයට සූදානම්
ගම්පහ පළාත් පාලන මැතිවරණයට සූදානම්
http://am.lk/media/k2/items/cache/71d969e557b2a68e57a9822949ec7d12_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_229.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_229.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy