නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 504 ක් සදහා ජන්ද පෙට්ටි ප‍්‍රවාහනය කිරිමේදී ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත කැබ් රථ යොදා ගැනීමට සිදුවු න...
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 504 ක් සදහා ජන්ද පෙට්ටි ප‍්‍රවාහනය කිරිමේදී ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත කැබ් රථ යොදා ගැනීමට සිදුවු නිසා ඡන්ද පෙටිටි ප‍්‍රවාහනයේදි තරමක ප‍්‍රමාදයක් වු බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෙට (10) පැවැත්වෙන 2018 පළාත් පාලන මැතිවරණයේ සුදානම පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බැව් පවසා සිටියහ.
ඇතැම් රාජ්‍ය ආයතන වලින් කැබි රථ ලබා දෙන බවට දැනුම් දි තිබුණද එම කැබි රථ නොලැබීම නිසා මෙම ප‍්‍රමාදය සිදු වු බව තේරිම් භාර නිළධාරිවරයා කියා සිටියේය.
එම කැබ් රථ ලබා නොදුන් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය නිතිමය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියහ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහා නගර සභා එකක් නගර සභා දෙකක් සහ ප‍්‍රාදේශිය සභා නවයක් සදහා සභිකයින් තෝරා ගැනීමට ඡන්දය පැවැත්විමට අවශ්‍ය සියලුම කටයුතු සුදානම් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS