ඉඩම් ගනුදෙනුවකින් රාජ්‍ය ආයතනයකට පාඩුවක් කළේ යැයි කියමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, උපාය මාර්ගික හා සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික...
ඉඩම් ගනුදෙනුවකින් රාජ්‍ය ආයතනයකට පාඩුවක් කළේ යැයි කියමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, උපාය මාර්ගික හා සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පෙරේදා (07) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මලික් සමරවික්‍රම මහතා නිත්‍යනූකූල හිමිකමක් නොමැති රුපියල් කෝටි 18 ක වටිනාකමකින් යුත් වැලිකඩ ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් භුක්ති විඳින බවට පවසමින් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙම පැමිණිල්ලක් කර තිබේ.
“කෝට්ටේ මහනගර සභාව වැලිකඩ පොලිසියට යාබදව තියන ඉඩම සහ නගර සභාවේ ඉඩම යාබදව නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් තියනවා. ඒකෙන් පර්චස් 40 ක ප්‍රමාණයක් මලික් සමරවික්‍රම ඇමතිතුමා දීර්ඝ කාලීන බදු පදනම මත තමන් බදු අරගෙන තියනවා. එතුමා බදු ගත්ත ඉඩම පිටිපස්සේ තව ඉඩමක් තියනවා පර්චස් 36 ක ඉඩමක් මේ පර්චස් 36 වර්තමාන වෙළෙඳපොළ වටිනාකම දැන් අවුරුදු තුනකට ඉස්සල්ලා ලක්ෂ 50 යි එක පර්චස් එකක්. මේ පර්චස් 36 මලික් සමරවික්‍රම ඇමතිතුමා කිසිම නිත්‍යනූකුල අයිතියක් නැතුව වැටවල් ගහගෙන රජයේ ඉඩමක් බලෙන් බුක්ති විඳිනවා කෝටි 18 ක ඉඩමක්”
පැමිණිල්ල මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු ලබාදෙන නිලධාරියාට ද චෝදනා එල්ල කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අභියෝග කර සිටියේ, තමා සමග සජීවි විවාදයකට පැමිණෙන ලෙසයි.
COMMENTS