යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කිරීම සදහා විශ්වවිද්‍යාල සිසුන් යාපනය දිසාපති කාර්යාලය ඉදිර...
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කිරීම සදහා විශ්වවිද්‍යාල සිසුන් යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටදී අද (24) උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
එම සිසුන් දෙදෙනා මියයාම වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලීය සිසුන්ගේ ශෝකය පළකිරීම පිණිස අද දින සියලුම දේශන වර්ජනය කොට විශ්වවිද්‍යාලයට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට ඇත.
විශ්වවිද්‍යාලීය සිසුන්ගේ ඉල්ලීම මත යාපනය නගරයේ වෙලෙදසැල් ගණනාවක්ම වසා දමා ඇති අතර නගරයේ තැනින් තැන කලු කොඩි දමා විරෝධය පලකොට තිබේ.
විශ්වවිද්‍යාලීය සිසුන්ගේ විරෝධතාවය නිසා යාපනය - මහනුවර ඒ - 9 මාර්ගය දිසපති කාර්යාලය ඉදිරිපිටින් සම්පූර්ණයෙන්ම ඇහිරී තිබුණ ද මාර්ග අවහිරතාවය ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් නොපැමිණීම නිසා වාහනකරුවන්ට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවුණි.
වෙඩි වැදීමෙන් මියගිය යාපනයේ කන්දරෝඩේයි ප්‍රදේශයේ පදිංචි සුදන්දිරරාජා සුලක්ෂන් සිසුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් මේ අවස්ථාවේදී පෙළපාලි යාමට ද කටයුතු සැලසුම් කොට ඇත.
මියගිය අනෙක් සිසුවා වන කිළිනොච්චියේ පදිංචි නඩරාජා ගජන් සිසුවාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (23) දා සවස කිළිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී සිදු කෙරිණි.
ඡායාරූප පහතින්.
දිනසේන රතුගමගේ
COMMENTS