ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. මල්ව...
ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.
මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එම පොදු අපේක්ෂකයා තරුණයෙක් හෝ මැදි වියේ පුද්ගලයෙක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
"අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරිම සඳහා දිවුරුම් ප්‍රකාශ 117 ක් දැනට අප සතුව තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන් කියන පිරිසක් මේ වන විට කියමින් යනවා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව බහුතරය තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය නෑ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තියෙන දිවුරුම් ප්‍රකාශ 117 අපි අද හෝ හෙට ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිතුමා වෙතම භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බහුතරයක් තියෙන කෙනෙත් ඉන්නවානම් ඔහුට අගමැති ධූරය ලබා දෙන්න ඕන කියන පැහැදිලි ප්‍රකාශය කරන්නයි. එය අද අපි ප්‍රකාශ මහනුවර සිට ප්‍රකාශ කරනවා."
"පාර්ලිමේන්තුවේ මෝසමක් තුලින් ඕනම මන්ත්‍රීවරයෙකුට ඉල්ලීමක් කරන්න පුළුවන්. මේක මුදල් සම්බන්ධ මෝසමක්. අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එතුමාගේ කාර්ය මණ්ඩලයට කරන වියදම් අහෝසි කරන ලෙස ඉල්ලා අපි මන්ත්‍රිවරුන් හය දෙනෙක් අත්සන් කරල යෝජනාවක් කථානායක වරයාටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. ඒ ගොල්ලන්ගේ තර්කය තමයි සාමාන්‍ය ක්‍රමයට යෝජනා ඉදිරිපක් කරන්න ඕන කියන එක. මේක න්‍යාය පුස්තකයට ඇතුලත් කරල දවස් පහක් න්‍යාය පුස්තකයේ තියෙන්න ඕන. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේක ඒ අනුව ලබන 29 වනදා විවාදයට ගන්න. අපට තර්කයකුත් අවශ්‍යයි ඡන්දයත් අවශ්‍යයි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියල තිබුණා අගමැතිවරයාගේ මුදල් සම්බන්ධයෙන් ආණ්ඩුවට පමණයි කටයුතු කරන්න පුළුවන් කියලා. එහෙම කිසිම දෙයක් නෑ. සම්ප්‍රදායානුකූලව ඕනම මන්ත්‍රීවරයෙකුට මෝසමක් ඉදිරිපත් කරන්න පුළුවන්. මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. රුපියලක් වුනත් ඒක අනුමත වන්නේත් පාලනය වෙන්නේත් පාර්ලිමේන්තුව හරහායි.පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැතිවරයා වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අහෝසි කිරීමට අපි පැහැදිලි තීරණයක් ගන්නා බව අපි කියන්න කැමැතියි. අපට පැහැදිලි බහුතරය පෙන්වන්න අපට ඡන්දයක් අවශ්‍ය නිසා අපි එය කර පෙන්වනවා." යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
COMMENTS