මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් දමන බවත්...
මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් දමන බවත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (25) ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත සංසදයේ නව ජාතික බලවේගය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාව බදුල්ලේ පැවැති අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේදී ය.
‘අපි මේ රටේ අවශ්‍යතාවය ඉටුකරමින් යන්නේ. අනුරාධපුරෙන් පටන්ගෙන අපි පුත්තලම, මහනුවර, රත්නපුර, අද බදුල්ලට ආවා. හෙට අනිද්දා ගාල්ලට යනවා. මට විරුද්ධව හැමදාම නොයෙක් දේවල් කියනවා. අධිකරණයේ නඩු ඇති නිසා ඒ ගැන කථා කරන්නේ නෑ. වැඩි විස්තර දැනගන්න පත්තර බලන්න. පරණ පත්තර නොවේ අලුත් පත්තර බලන්න.‘ යැයි ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS