රුහුණු කතරගම මහා දේවාලයේ අලි සංචිතය අඩුවීම හේතුවෙන් වාර්ෂික පෙරහර පැවැත්වීම දුෂ්කර වී ඇති බව එහි බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පවසයි. ...
රුහුණු කතරගම මහා දේවාලයේ අලි සංචිතය අඩුවීම හේතුවෙන් වාර්ෂික පෙරහර පැවැත්වීම දුෂ්කර වී ඇති බව එහි බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලමේවරයා පැවසුවේ එම අපහසුතාවය පිළිබඳව කරුණු දන්වා තමා ජනාධිපතිවරයා සහ වනජීවි අමාත්‍යවරයා වෙත ලිපිද යොමු කළ බවයි.
බලපත්‍ර දෝෂයක් හේතුවෙන් ඊයේ (07) දිනයේදී දේවාලයේ සිටි භානු නමැති අලියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනජීවි භාරයට ගෙන පින්නවල අලි අනාථාගාරයට රැගෙන ගියේය.
මීට පෙර අවස්ථාවකදී දේවාලයේ සිටි 'සමෝදි' නමැති අලියා ද බලපත්‍ර දෝෂයක් හේතුවෙන් වනජීවි භාරයට ගනු ලැබුවේය.
මේ නිසා දැනට රුහුණු කතරගම මහා දේවාලයේ අලි සංචිතය දෙදෙනෙකු දක්වා අඩු වී ඇති අතර දේවාලයේ කරඬුව වැඩම වන 55 හැවිරිදි 'වාසනා' ඇතා ද රෝගාතුර තත්ත්වයෙන් පසුවේ.
අනෙක් හස්තියා වන 'මද්දු'ගේ වයස අවුරුදු 25ක් වන අතර, මොවුන් දෙදෙනාගෙන් පමණක් වාර්ෂික පෙරහර පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව බස්නායක නිලමේවරයා වැඩිදුරටත් කියාසිටියේය.
මේ සම්බන්ධයෙන් තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි සහකාර ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කතරගම බස්නායක නිලමේවරයාගෙන් අදාළ ලිපිය ලැබුණු බවත් එය රජයේ අවධානයට යොමු කර ඇති බවත්ය.
COMMENTS