අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ප...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඇය විසින් පසුගිය 17වැනි දා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ අතර ඒවන විට ජනාධිපතිවරයා විදෙස් සංචාරයකට සහභාගිවී සිටියේය. කෙසේවෙතත් එම ලිපිය එදින ජනාධිපති ලේකම්වරයා විසින් බාරගෙන තිබිණි.
පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේනම් ඒ පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ප්‍රකාශ කරන ලදී.
මෙම ප්‍රකාශයෙන් පසුව දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉල්ලා අස්වූ අතර එම ලිපිය යොමු කර තිබුණද නිල වශයෙන් එය බාරගත් බවක් හෝ ප්‍රතික්ෂේප කළ බවක් වාර්තා වී නොතිබිණි.
ඒ අනුව අද පස්වරුව වනවිට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS