නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය මඟින් සිදුකෙරෙන උත්සව එක්සත් ජාතික පක්ෂයට අවාසි වන අයුරින් සංවිධානය කරන බවට නිපුණතා සංවර්ධන හ...
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය මඟින් සිදුකෙරෙන උත්සව එක්සත් ජාතික පක්ෂයට අවාසි වන අයුරින් සංවිධානය කරන බවට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා එම අමාත්‍යංශයේම ලේකම් පී.රණේපුර මහතාට ලිපියක් යවමින් අවධාරණය කර තිබේ.
කලක් තිස්සේ මෙම තත්ත්වය දිගින් දිගටම සිදුවන බවට චෝදනා කරන පාලිත රංගෙබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා හෙට(14) පැවැත්වීමට නියමිත වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ බටංගල මණ්ඩපය විවෘත කිරීමේ උළෙලේදී රංජිත් සියඹලාපිටිය හා මහින්ද සමරසිංහ යන ශ්‍රීලනිප පාර්ශ්ව ඇමැතිවරුන් දෙදෙනාට පමණක් කතා පැවැත්වීමට සංවිධාන කටයුතු මෙහෙයවීමෙන් එය යළි තහවුරුවී ඇතැයි පෙන්වා දෙයි.
ඇමැතිවරයා තම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් අගමැති ලේකම්වරයාට හා ජනාධිපති ලේකම්වරයාටත් යොමු කර ඇත.
COMMENTS