කොට්ඨාස සීමා නීර්ණය පිළිබඳ අභියාචනා කමිටුවේ ඉල්ලීම පරිදි අභියාචනා විමර්ශන කාලය දෙසැම්බර් මස 31 වැනි දින දක්වා දීර්ඝ කළ බව පළාත් සභා සහ පළා...
කොට්ඨාස සීමා නීර්ණය පිළිබඳ අභියාචනා කමිටුවේ ඉල්ලීම පරිදි අභියාචනා විමර්ශන කාලය දෙසැම්බර් මස 31 වැනි දින දක්වා දීර්ඝ කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පහතා පවසයි.
එහෙත් අමත්‍යවරයා අදාළ කමිටුවෙන් ඉල්ලීමක් කොට ඇත්තේ දෙසැම්බර් 31 වැනිදාට පෙර අභියාචනා විමර්ශන වාර්තාව තමාට ලැබීමට සලස්වන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ කිසිදු ගැටළුවක් නැවත ඇති නොවීම සඳහා මෙලෙස කාලය ලබාදුන් බවත් කඩිනමින් ලබාදෙන වාර්තාවක් මගින් මහජනතාවට සහ දේශපාලන පක්ෂවලට නැවත වරක් සිදුවිය හැකි අසාරණය වලක්වා ගැනීම මෙහි අරමුණ වූ බවත්ය.
අදාළ සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ කෙටුම්පත සියළුම දේශපාලන පක්ෂවලට ලබාදීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබේ.
COMMENTS