යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයින් සහ පක්ෂයේ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක...
යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයින් සහ පක්ෂයේ මහජන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (08) තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන බව වාර්තා වේ.
එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසිනි.
එහිදී නව ව්‍යවස්ථාවේ ඇති වැදගත්කම සහ එහි අන්තර්ගතයන් කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
එමෙන්ම එහිදී මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ මෙන්ම උත්තරීතර මණ්ඩල සාමාජිකයින්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට අපේක්ෂිත බව ද වාර්තා වේ.
COMMENTS