වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබද තීන්දුව ළගදීම කථානායකට ඉදිරිපත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) ප්‍රකාශ කළේය. එම කෙටුම්පතට එරෙහිව ප...
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබද තීන්දුව ළගදීම කථානායකට ඉදිරිපත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) ප්‍රකාශ කළේය.
එම කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල ,බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ නීතීඥ දිනේෂ් ද සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් 04ක් අගවිනිසුරු කේ .ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ විභාගයට ගැනිණ.
ලිඛිත දේශන ඇත්නම් ලබන 19 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දුන්නේය.
පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එබැවින් එම කෙටුම්පත සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයට දන්වා ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය එම කරුණු ප්‍රතික්ෂේප කරමින් දක්වා ඇත්තේ අදාළ සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකුල බවයි.
COMMENTS