රට පුර කොරෝනා වෛරසය පැතිරී යාම හේතුවෙන් මෙරට ඝර්භණී මාතාවන් බරපතල අනතුරුදායක තත්ත්වයක බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහ...
රට පුර කොරෝනා වෛරසය පැතිරී යාම හේතුවෙන් මෙරට ඝර්භණී මාතාවන් බරපතල අනතුරුදායක තත්ත්වයක බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය මත මසකට ගැබිනි මව්වරුන් 20 දෙනකු පමණ මිය යෑමේ අවදානමක් ඇති බවත් එමෙන්ම තුන් ලක්ෂ හතළිස් දහසක් පමණ මවුවරුන් ඉහල අවදානමක බවත් ඔහු කියා සිටියි.
ගැබිනි මවුවරුන්ට කොරෝනා එන්නත මෙතෙක් ලැබී නැති බවත් ඔවුන්ට ලබා දෙන්නේ ිෆයිසර් හා මොඩානා එන්නත් වර්ග බවත් ඒ මහතා පැවසීය.
මෙම එන්නත් ලබාදෙන්නැයි ඉල්ලීම් රැසක් කළ ද මෙතෙක් එන්නත් ලැබී නැති බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම තත්වය නිසා මතු උපදින පරපුර මං අනතුරේ බවත් ඔහු තවදුරටත් කියා සිටියි.
අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
COMMENTS