පසුගිය මහා මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ තරඟ කොට පරාජයට පත් මහින්ද රත්නායක කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කොට ඇතැයි වාර්තා වෙයි. ම...
පසුගිය මහා මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ තරඟ කොට පරාජයට පත් මහින්ද රත්නායක කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කොට ඇතැයි වාර්තා වෙයි.
මාධ්‍යෙව්දියකු වන සුනන්ද දේශප්‍රිය ෆේස්බුක් සටහනක් තබමින් පෙන්වා දෙන්නේ රාවය පුවත්පතේ ලේඛකයෙකු වන මහින්ද රත්නායකට කියුබානු තානාපති ධුරය පිරිනමා ඇති බවයි.
පසුගිය මැතිවරණ සමයේ විදෙස් දූත මණ්ඩල සඳහා දේශපාලන හිතවතුන් සහ ඥාතීන් ආදි නුදුසුස්සන් පත්කිරීම ජාතික ජන බලවේගය දැඩි ලෙස විවේචනය කළ අතර තම ආණ්ඩුව යටතේ ඔවුන් නැවත කැඳවා එම තනතුරු සඳහා සුදුසුකම් ප්‍රවීණ රාජතාන්ත්‍රිකයන් පත්කරන බව ද ප්‍රකාශ කළේය.
-emanisa
COMMENTS