මෙම මස 30 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසයි. එහි සභාපති ජේ....
මෙම මස 30 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසයි.
එහි සභාපති ජේ.ඒ.ටී ප්‍රේමලාල් මහතා ප්‍රකාශ කළේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ගේ වැටුප ඉහළ නංවන ලෙස ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
සිය වැටුප ඉහළ නංවන ලෙස ඉල්ලා දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන් පසුගිය කාලයේදී අවස්ථා දෙකකදීම වැඩවර්ජනයක නිරත විය.
එම අවස්ථා දෙකේදීම බලධාරීන් සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීය.
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ට දිනකට රුපියල් 250ක වැටුපක් ලැබෙන අතර ඊට අමතරව රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන ලෙසට බලකරමින් පසුගිය කාලයේදී ඔවුන් එසේ වර්ජනයක නිරත විය.
COMMENTS