යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධ...
යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.
යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහි කිරීම ග්‍රීක යුගයේ සිට ක්‍රියාත්මකව පැවති අතර, ඒ වෙනුවෙන් කිසිවෙකුට බාධා එල්ල කිරීමට අයිතියක් හා අවසරයක් නොමැති බව විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.
තම ජාතිය වෙනුවෙන් යුධ වැදී මියගිය මහවිරුවන් සැමරීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ විරෝධතාවයක් පැවතියද ඒ වෙනුවෙන් උතුරේ ජනතාවට අයිතියක් පවතින බව විග්නේශ්වරන් මහතා පවසයි.
"අපගේ විරුවන් ඉතාම සාමකාමීව හා නිදහස් ලෙස සැමරීමට හා සිහිපත් කිරීම කළ යුතු බව මගේ හැගීමයි. අප වෙනුවෙන් දිවිපිදු ඒ විරුවන් සැමදා අපගේ හදවත් තුළ ජීවත්වනු ඇති" යනුවෙන්ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS