පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු සියල්ල අද(09) විවෘත කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා වාන් දොරටු විවෘත කර...
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු සියල්ල අද(09) විවෘත කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා වාන් දොරටු විවෘත කර පොල්ගොල්ල ජලාශය හිස්කරන බව එම අධිකාරිය සඳහන් කළේය.
අද රාත්‍රි 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා එලෙස වාන් දොරටු විවෘත කරනු ඇත.
එම කාලය තුළ පොල්ගොල්ලවේල්ලේ සිට පහළ ප්‍රදේශය ඉතා අවදානම් බැවින් එම ප්‍රදේශයේ මහවැලි ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස පොල්ගොල්ල වේල්ලේ කාර්යය භාර ඉංජිනේරු වී.ඒ.පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS