දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුනඛයින් මරා දැමු කේරල පින්තූර අන්තර්ජාලය රවටයි - උප කුලපතිගෙන් ප්‍රකාශයක්.
Homeප්‍රවෘත්ති

සුනඛයින් මරා දැමු කේරල පින්තූර අන්තර්ජාලය රවටයි - උප කුලපතිගෙන් ප්‍රකාශයක්.

PropellerAds

මේ දිනවල අන්තර්ජාලයේ ව්‍යාප්තව තිබෙන මොරටු සරසවියේ සුනඛ සංහාරයක් ගැන තොරතුරු සමග ඡායාරූප කිහිපය සත්ව අවිහිංසාවාදීන්ගේ අවධානයට ලක්ව තිබේ. ම...

ඉරාජ්ගේ මියුසික් වීඩියෝවට නවීන්ගේ විරෝධය
බස් වර්ජනයකට සැරසෙයි
මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි

මේ දිනවල අන්තර්ජාලයේ ව්‍යාප්තව තිබෙන මොරටු සරසවියේ සුනඛ සංහාරයක් ගැන තොරතුරු සමග ඡායාරූප කිහිපය සත්ව අවිහිංසාවාදීන්ගේ අවධානයට ලක්ව තිබේ.

මේ ගැන ඇත්ත නැත්ත නොදැන ඒවා හුවමාරු කරන අතරවාරයේ ඒ පුවත ගැන මොරටු සරසවියේ උපකුලපතිවරයා විසින්ද පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ඒ ගැන මෙසේ කියයි.

‘අන්තර්ජාලයේ පැතිරෙන ඡායාරූප මොරටු සරසවියට අදාළ ඒවා නොවෙයි. 

විශ්ව විද්‍යාල භූමියේ සිටි අයාල සුනඛයන් 10 -15 පමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට අයිති වෙනත් පරිශ්‍රයකට ගෙන ගොස් දැමීමක් සිදු කළ බව ඇත්තක්. ඒ සඳහා නිර්වින්දනය කිරීමේ දී එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් අත්වැරදීමකින් සතුන් දෙදෙනෙකු මියගිය බවත් ඇත්තක් නමුත් සුනඛ සංහාරයක් සිදුව නැහැ.

 මීට වර්ෂ 4 කට පමණ පෙර විශ්ව විද්‍යාල භූමිය තුළ සුනඛයන් 170 පමණ ප්‍රමාණයක් සිටියා.එමගින් පවිත්‍රතා ගැටලු, සෞඛ්‍ය තර්ජන, සුනඛ සපා කෑම් වලට ලක්වීම් සහ දේපල වලට හානි පැමිණීම පවා සිදුවුණා. විශ්ව විද්‍යාලය සුනඛයන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට ගතවූ වසර කිහිපය තුළ මා මහත් පරිශ්‍රමයක් ගත්තා.

 පසුගිය කාලයේ නැවතත් සුනඛයන් 10 -15 ක  පමණ ප්‍රමාණයක් සරසවි බිම තුළ සිටීම මත සත්ව හිංසනයකින් තොරව ඔවුන් ඉවත් කිරීමේ වගකීම විශ්ව විද්‍යාලීය ආරක්ෂක අංශය වෙත පැවරූ පසු ඔවුන් එම සුනඛයන් නිර්වින්දනය කිරීම පිණිස ‘කෙටමීන්’ නම් නිර්වින්දක ඖෂධය භාවිතා කළා.එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් සුනඛයන් දෙදෙනෙකු මිය ගොස් ඇති ප්‍රවෘත්තිය පමණක් සත්‍යයක්. මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භකර තියනවා. ඒත් විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කරමින් අන්තර්ජාලයේ පළව ඇතිවැරදි දේ ගැන කණගාටු වනවා.‘

මේ ගැන වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වූයේ පණ අදිමින් සිටින සුනඛයෙකුගේ වීඩියෝව සත්‍යයක් වන නමුත් අන්තර්ජාලයේ ගූගල් ඉමේජ් සර්ච් කළ විට ලැබෙන ඉන්දියාවේ කේරලයේ සුනඛයින් මියගිය ඡායාරූප එක්කර වැරදි තොරතුරු සමාජ ජාල තුළ ප්‍රචාරය කර ඇති බවයි.

සමාජ ජාලා පිටු අතර පැතිර ගිය නොමග යවනසුලු ඡායාරූප පහතින්,



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුනඛයින් මරා දැමු කේරල පින්තූර අන්තර්ජාලය රවටයි - උප කුලපතිගෙන් ප්‍රකාශයක්.
සුනඛයින් මරා දැමු කේරල පින්තූර අන්තර්ජාලය රවටයි - උප කුලපතිගෙන් ප්‍රකාශයක්.
http://ift.tt/2tAEu7G
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_164.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_164.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy