මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්ධන වැඩසටහනකදී කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 08 දෙනෙකු අද (18) උ...
මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්ධන වැඩසටහනකදී කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 08 දෙනෙකු අද (18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුලත් කල බව මුලතිව් පොලීසිය කියා සිටියේය.
අද උදෑසන කෝකිලායි සිංහල පාසලේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවති ඇති අතර එහිදී පාසල් සිසුන් විසින් එක් රැස් කර ගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට ඇති වූ කම්පන තත්වයක් හේතුවෙන් ඔවුන් රෝහල් ගත කොට ඇත.
මුලතිව් පොලීසිය සඳහන් කළේ අදාළ පිපීරීමෙන් කිසිදු අයෙකුට තුවාල සිදුවී නොමැති බවත් අදාළ පිපුරුම කිසියම් වූ පුපුරණ දුව්‍යක් තිබී පුපුරා යන්නට ඇති බවට තමන් සැක කරන බවයි.
මාචෝලෙයි රෝහලට ඇතුළත් කොට ඇති සිසු සිසුවියන්ගේ තත්වය බරපතල නොවන අතර සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් හය දෙනෙකු මේ අතර වන බව සඳහන් වේ.
අදාළ පිපිරීම වූ ස්ථානයට මේ වන විට මුලතිව් හා කෝකිලායි පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂණ කටයුතු සිදු කරන අතර පාසල් ළමුන්ට බිය නොවන්නැයිද දැනුවත් කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS