බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්දේ දින 03ක් පුරා පවතින ගින්න නිවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුද...
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්දේ දින 03ක් පුරා පවතින ගින්න නිවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදා සහාය ද ලබාගැනීම පියවර ගෙන ඇතැයි ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ගුවන් හමුදාව ප්‍රකාශ කළේ මේ වනවිට ගින්න නීවිමට අවශ්‍ය ජලය මහියංගන ලොග්ගල්ලා ඔයෙන් රැගෙන එන බවයි.
මෙම ගින්න හේතුවෙන් අද (11) දිනයේ බදුල්ල නගරයේ ප්‍රධාන පාසල් 05ක් වසා දමා තිබේ.
මෙලෙස වසා දමා ඇත්තේ විහාරමහාදේවී මහා විද්‍යාලය, උෟව මහා විද්‍යාලය, ධර්මදූත මහා විද්‍යාලය, අල්ලදාන් විද්‍යාලය සහ බදුල්ල දෙමළ මහා විද්‍යාලයයි.
බදුල්ල පොලීසිය කියාසිටියේ අදාළ කුණු කන්දේ විස දුමාරය විටින් විට නගරයේ විවිධ පැතිවලට පැතිරීම හේතුවෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.
ඡායාරූප පහතින්.
COMMENTS