තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ සියලුම දේ විය යුතු ආකාරයට නිත්‍යානුකූලව සිදුවී ඇති බවත් දෙදෙනෙකුට ඇති රුදාවකට මුළු පක්ෂයක්ම බිලි දිය නොහැකි බ...
තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ සියලුම දේ විය යුතු ආකාරයට නිත්‍යානුකූලව සිදුවී ඇති බවත් දෙදෙනෙකුට ඇති රුදාවකට මුළු පක්ෂයක්ම බිලි දිය නොහැකි බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින රවී කරුණානායක ඊයේ මාධ්‍යට පැවසුවේය.
ඊයේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවී ඔහු කීවේ ප්‍රශ්නයක් ඇතිනම් කළ යුත්තේ නීත්‍යානුකූලව ඒ සම්බන්ධව කටයුතු කිරීම බවය.
“හැම දෙනාටම ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු තියනවා. මේ සිදුවීම ගැටලුවක් නම් ඒ සම්බන්ධව සාධාරණව නීත්‍යානුකූලව කටයුතු කිරීම පමණයි තියෙන්නේ. ”
“මම හිතන්නේ මේකෙ තියෙන්නෙ සියයට දෙක තුනකට තියන ප්‍රශ්නයක්. ඒ මිසක් සමස්ථයක් වශයෙන් මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ. දෙන්නෙකුට තිබෙන රුදාවකට මුළු පක්ෂයක්ම අපට බිලි දෙන්න ඉඩ දෙන්න බෑ. ඒක තමයි මේ අවස්ථාවේදි කියන්න තිබෙන්නේ. ‘ රවී කරුණානායක පැවසුවේය.
තමන් හොයා ගන්නට නැතැයි පක්ෂයේම පිරිසක් ප්‍රකාශ කළත් එසේ කියන්නේ තමන් ගැන නොදන්නා අය බව කී මන්ත්‍රීවරයා තමන් ඉන්නේ ජනතාව සමග බව පැවසුවේය.
අවුුරුදු පහකට පසු පාර්ලිමේන්තුවට පැමිණියේ රට හදන්නට හැකි එකතුවක් සේම රට ගැන සිතා වැඩ කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍ය අවස්ථාවේ දී බව රවී කරුණානායක කීවේය. මේ අවස්ථාව උපයෝගී කරගෙන ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කර මේ රට හරි දිශාවට ගමන් කරවීමේ අභිලාෂ අතැයි ද ඔහු පැවසුවේය.
COMMENTS