සාක් කලාපීය රටවලට අයත් ශිෂ්‍ය භටයින් නියෝජනය කරමින් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරල් රමින්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත...
සාක් කලාපීය රටවලට අයත් ශිෂ්‍ය භටයින් නියෝජනය කරමින් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරල් රමින්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිතයින් පිරිසක් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (21) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක ව්‍යුහය, ඒකාබද්ධ මෙහෙයුම් සංකල්පයෙහි පරිණාමය, ත්‍රිවිධ හමුදා කාර්යභාරය සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳව ශිෂ්‍ය භටයින් දැනුවත් කිරීමක් ද සිදුවිය.
මෙම හමුව සිහිවීම පිණිස එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු කෙරිණි.
COMMENTS