තුසිත් ධනුෂ්ක කියන්නේ පුංචි තිරයේ කාලයක් හිටපු නළුවෙක්. නමුත් ඔහු විදෙස් ගත වෙලා හිටිය නිසා දිගු නිහැඩියාවක් තිබුනා. යලිත් රංගනයට එකතු වෙන...
තුසිත් ධනුෂ්ක කියන්නේ පුංචි තිරයේ කාලයක් හිටපු නළුවෙක්. නමුත් ඔහු විදෙස් ගත වෙලා හිටිය නිසා දිගු නිහැඩියාවක් තිබුනා. යලිත් රංගනයට එකතු වෙන්න ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම ඔහු යලිත් විදෙස් ගත වෙනවා කියලත් කියනවා. ඔහු ගැන අලුත් තොරතුරුයි මේ.
තුසිත කාලෙකට පස්සෙ මාධ්‍ය ඉදිරියට එන්නේ ?
ඔව්’ මම අවුරුදු පහක් විතර විදෙස්ගතවෙලානේ හිටියේ’ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල’ මම එහේ බැංකුවක තමයි රැකියාව කළේ’
ඒ තරම් ජනප්‍රියත්වයක් තියාගෙන යන්න බෑ වගේ දැණුනේ නැද්ද ?
ඔස්ට්‍රේලියා යන්න ඕනෑ කියන එක මං පොඩි කාලේ ඉඳලම තිබුණ හීනයක්’ රඟපානවට වඩා මට ඒක ගොඩක් වටිනවා’ එහේ ගිහිල්ලා මගේ ජීවිතේට මම ගොඩක් දේවල් ටිකක් එකතු කරගත්තා’ මගේ ඞී‍්‍රම් එකට යන්න ඕනෑ හින්ද තමයි මම ගියේ’
නැවතත් විදෙස්ගතවෙන්න අදහසක් තියනවාද ?
ඔව්’ නැවතත් යන්න තමයි හිතාගෙන ඉන්නේ’ තව දේවල් කිහිපයක් තියෙනවා මට මගේ ජීවිතයට ළඟාකරගන්න’ අවුරුදු පහක් එක දිගට වැඩ කරලා දැන් ටිකක් විවේකීව ඉන්න ඕනෑ කියලා හිතුණා’ යද්දි මම කිව්වා තව අවුරුදු පහකින් එනවා කියලා’ ඒ වගේම ආවා’ ආයෙමත් වැඩ වලට සම්බන්ධවෙලා ඉන්නවා’ ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා’
කලා කේෂ්ත්‍රයේ එදා හිටපු යාළුවෝ අදටත් කතාබහ කරනවාද ?
ඒ වගේම ආශ්‍රය කරනවා’ ක්ෂේත්‍රයේ මගේ හොඳම යාළුවෙක්ට හිටියේ මේනක රාජපක්ෂ සහ නෙහාරා දෙන්නා’ සතුටුයි’ ඒ දෙන්නත් ලංකාවට ඇවිල්ල ඉන්නවා’ ඒ තිබුණ යාළුකම දිගටම තියෙනවා’
ලංකාවට ආවම රංගනයට ආරාධනා ලැබීම කොහොමද ?
වැඩ ගොඩකට ආරාධනා ලැබුණා’ ඒත් ඒ හැමදෙයක්ම භාරගන්නේ නැහැ’ එහෙම ලොකුවටම යන්න බලාපොරොත්තුවක් නැහැ’ චරිත කිහිපයක් කරන්න භාරගෙන තියෙනවා’ ඒ එක්කම මියුසික් වීඩියෝ තමයි වැඩිපුරම කරගෙන යන්නේ’
හිටියට වඩා ඔබ පෙනුමෙන් වෙනස්වෙලා’ ඇයි පෙනුම වෙනස් කරගන්න හිතුවේ ?
මට හිතුණා ටිකක් ඒ ගැනත් හිතන්න ඕනෑ කියලා’ මොකද අවුරුදු හයකට පස්සෙත් ලංකාවට යද්දි එහෙමම යන එක හරි නෑ කියලා හිතුණ’ මොකද නවකයින් ගොඩක් ක්ෂේත්‍රයට ඇවිල්ලා අපෙන් පස්සේ’ තරගය වැඩියි’ මටම කියල අනන්‍යතාවයක් තියෙන්න ඕනෑ කියලා හිතුණා’ මම මෙහෙන් යද්දි හිටියට වඩා ගොඩක් වෙනස්වෙලා තියෙනවා’ මම සාර්ථකයි කියලා හිතනවා’
ඒ වෙනසට කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා’ඒ හින්දා ගොඩක් වැඩවලටත් ආරාධනා ලැබුණා’
මුලින් නොතිබුණු බොහෝ අවස්ථාවන් නැවත ලංකාවට ආ පසු ඔබට ලැබෙනවා’ මොකද්ද මේකට හේතුව ?
ඔව්’ මම කලින් මියුසික් වීඩියෝ එකක්වත් කරලා තිබුණේ නැහැ’ නමුත් මේ හිටපු ටික කාලෙට රූප රචනා තිහකට විතර මම රංගනයෙන් දායක වුණා’ මුලින්ම ළහිරු අයියා තමයි මට රූප රචනයකට ආරාධනා කළේ’ සිනමාපටයකටත් සම්බන්ධ වුණා’ ඒ හැමදේකටම හේතුව පෙනුමේ වෙනස්වීම කියලයි මම හිතන්නේ’
මේ තරම් අවස්ථා තිබියදීත් ඔබ නැවතත් විදෙස්ගත වෙන්න හිතන්නේ ?
ලංකාව ඇතුළේ රංගනය වෘත්තියක් විදියට මම දකින්නේ නැහැ’ පවතින්න අමාරුයි’ මං හිතන විදියට පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් තමයි රංගනය’ පෞද්ගලික ජීවිතේ එක්ක බලද්දී මේක හරි තාවකාලික දෙයක්’ අනාගතය අපි ගොඩනගාගත යුතුයි’ මගේ වෘත්තිය වෙනස්ම දෙයක් නිසා රඟපානවාට වඩා මට ඒක වටිනවා’ ලංකාවේ ජනප්‍රියම නළුවා වුණත්” දක්ෂතම නළුවා මම මගේ වෘත්තීය පැත්තෙන් ඉදිරියට යනවා’
තුසිත්ට දැන් පෙම්වතියක් එහෙම ඉන්නවාද ?
ඔව් මට පෙම්වතියක් ඉන්නවා’ අපි දෙන්නා හොඳට තේරුම් අරගෙන ඉන්නේ සහ එයා දන්නවා මම කවුද කියන්න’ ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි.
උපුටා ගැනිමකි




COMMENTS