දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට පරීක්ෂණයක්
Homeගොසිප්

ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට පරීක්ෂණයක්

PropellerAds

ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට ෆේස් බුක් වීඩියෝවෙන් පසු පරීක්ෂණයක් පසුගිය දිනෙක ඇඹිලිපිටිය දිසා රෝහලේ සිට...

වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිලි හිමිකරු අත්අඩංගුවට
මඩකලපුවේත් ගොඩනැගිල්ලක් කඩා වැටේ -20 කට තුවාල
වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ අභ්‍යන්තර CCTV දර්ශන

ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය
ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට
ෆේස් බුක් වීඩියෝවෙන් පසු පරීක්ෂණයක්



පසුගිය දිනෙක ඇඹිලිපිටිය දිසා රෝහලේ සිට රත්නපුර මහ රෝහලට හදිසි රෝගියෙකු රැගෙන යමින් සිටි ගිලන් රථයක් ගොඩකවෙල ප‍්‍රදේශයේ පොල් කඩයක් අසළ නවතා රියදුරා  සිය රාජකාරිය අමතක කර පොල් ලෙලි ගසමින් පුද්ගලික වැඩක් කරමින් සිටි සිද්ධිය
ක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භවී තිබේ.

මේ සම්බන්ධ තොරතුරු වාර්තා කර තිබුනේ අදාළ රෝගියා අසළ ගිලන් රථයේ රැඳී සිටි ඔහුගේ පුත‍්‍රයා ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝවකිනි. ඔහු පටිගත කළ දර්ශන පසුව සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණ අතර එය ලක්ෂ සංඛ්‍යාත පිරිස් නැරීඹීමෙන් පසුව ඒ ගැන සබරගමු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්වී රියදුරා ගැන සොයා බලා තිබුණි.

රෝගියා රැගෙන යන අවස්ථාවේ ගිලන් රථ රියදුරාට රෝගියා බේරාගත යුතුය යන සිතිවිල්ලක් නොමැති ආකාරය පැහැදිලිව වීඩියෝවේ සටහන් වෙයි. ඔහු වේලාව නාස්ති කරමින් පොල් තෝරා ඒවා ලෙලි ගසන තුරු කඩයේ අය සමග සාකච්ඡා කරමින් සිටින අතර ඔහු සමග ගිය සාත්තු සාහයකයාද ඒ දෙස බලා සිටින්නේ මේ දේවල් කවදත් පුරුදු ආකාරයට මෙනි.

පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කළ සොයා බැලීමේදී රියදුරා ඇඹිලිපිටිය දිසා රෝහලට අනුයුක්තව රාජකාරී කරන රියදුරෙකු බවත් මීට පෙරද මේ සමාන සිද්ධි ගැන යම් යම් අයගේ චෝදනාවන්ට ලක්වූ අයෙකු නමුත් එම සිද්ධි වලදී ප‍්‍රබල සාක්ෂි නැතිව නිරුපද්‍රිතව සිටි අයෙකු බවත් වාර්තාවී තිබුණි.
මෙම වීඩියෝ සාක්ෂිය නිසා මෙවර ඔහුට වැරදී තිබේ. මේ සම්බන්ධයෙන් වහාම විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙන සබරගමු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔහුට මාරුවක් ලබාදී පරීක්ෂණයක් අරඹා ඇත. ඉදිරියේදී එහි ප‍්‍රතිඵල මත ඔහුගේ සේවය අත්හිටුවන්නට ඉඩ තිබෙන බවද වාර්තා වේ.
සිද්ධියට මුල්වූ වීඩියෝව පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට පරීක්ෂණයක්
ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට පරීක්ෂණයක්
http://ift.tt/2eyJIM2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_295.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_295.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy