තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාව සඳහා සාමාජිකයින් පත් කර තිබේ. කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගම්මන්පිල මහතා ...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාව සඳහා සාමාජිකයින් පත් කර තිබේ.
කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගම්මන්පිල මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
නීතීඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතීඥ එස්.ජී. පුංචිහේවා, හිටපු විනිසුරු සලීම් මර්සුෆ් සහ ත්‍යාගනාදන් සෙල්වකුමාරන් යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.
ඒ අනුව ඔවුන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තේය.
COMMENTS