දින 04ක් පුරා බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්දේ පැතිර ගිය ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබේ. මෙම ගින්න ම...
දින 04ක් පුරා බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්දේ පැතිර ගිය ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබේ.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 සහ එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාද යොදා ගනු ලැබීය.
බදුල්ල පොලීසිය ප්‍රකාශ කළේ ගුවන් හමුදාව, යුද හමුදාව සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව ඊයේ (11) පස්වරුව වන විට ගින්න නිවා දැමූ බවයි.
කුණු කන්ද ගිනි ගැනීමත් සමඟ පිටවන දුමෙන් බදුල්ල නගරය වැසී පැවතීම නිසා නගරයේ පාසල් 05 ක් සඳුදා තෙක් වසා දැමීමට බලධාරීන් ඊයේ පියවර ගත් නමුත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේ අද (12) දිනයේදී එම පාසල් යළි විවෘත කරන බවයි.
දින කිහිපයක් පුරාවට පැවති ගින්නෙන් හටගත් දුම හේතුවෙන් බදුල්ල නගරයේ දෛනික කටයුතුවලට බාධා රැසක් එල්ල වී තිබුණි.
වාර්තා වන අන්දමට අදාළ කුණු කන්ද වසර 40ක කාලයක් තිස්සේ පවතින්නකි.
COMMENTS