දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් අනුරාධපුර බන්ධනාගාරගේ උපවාසයේ යෙදී ඇති සිරුකරුවන් තිදෙනාට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමින් යාපනය සරසවි ...
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් අනුරාධපුර බන්ධනාගාරගේ උපවාසයේ යෙදී ඇති සිරුකරුවන් තිදෙනාට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමින් යාපනය සරසවි සිසු සිසුවියන් පංති වර්ජනය කිරීම හේතුවෙන් කලා , විද්‍යා හා කලමණාකරණ පීඨයන් පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා වසා දැමුනේ දින නියමයික් නොමැතිවය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් පිරිසක් විසින් අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටි සිරකරුවන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව උපවාස කරුවන් උපවාසය අතහැරම නිසා යාපනය සරසවියේ පංති වර්ජනය කරමින් සරසවිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටි සිසුන්ද එම විරෝධතාවයන් අවසන් කිරීමත් සමග යාපනය සරසවියේ උපකුලපති වරයා විසින් සරසවිය නැවත විවෘත්ත කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව යාපනය සරසවිය වසා දැමීම හේතුවෙන් නිවෙස් වෙතට ගිය සියලු සිසු සිසුවියන්ට ලබාන 13 වන සඳුදාට පෙර නැවත සරසවියේ නේවාසිකාගාර වෙතට එන ලෙසටද යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා විසින් වැඩි දුරටත් දැනුම් දී ඇත.
COMMENTS