එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද ලබන නොවැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අන...
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද ලබන නොවැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
තොග සහ සිල්ලර වෙළදාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව මාසික පිරිවැටුම රුපියල් මිලියන 12යි දශම 05ක් හෝ වාර්ෂිකව රුපියල් මිලියන 50කි.
දුම්වැටි, මත්පැන්, දුරකථන සේවා, විදුලි උපකරණ, සුවද විලවුන්, ආභරණ සහ කිරිපිටි යන භාණ්ඩ වැට් බද්දට යටත් කර තිබේ.
එමෙන්ම, සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු සහ රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
කෙසේවෙතත්, නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වී ඇත.
නව සංශෝධනයට අනුව 2%ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.
COMMENTS