දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් වෙඩිල්ල ගැන සැකයක් - ප්‍රකාශ පරස්පර විරෝදී
Homeප්‍රවෘත්ති

සයිටම් වෙඩිල්ල ගැන සැකයක් - ප්‍රකාශ පරස්පර විරෝදී

PropellerAds

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වය...

"මම අසරණ ලේකම්…,මට ජනාධිපතිතුමා අස්වෙන්න කිව්වෙ නෑ” - හිටපු ආරක්ෂක ලේකම්
වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා - පොලිස්පති රහස් සියල්ල දිගහරී
ප‍්‍රධාන දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට.. කොටුව, මරදාන, මහනුවර, කුරුණෑගල ඒ අතර !
සයිටම් වෙඩිල්ල ගැන සැකයක් - ප්‍රකාශ පරස්පර විරෝදී

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න සොයා පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඇතුළු පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ඊයේ (8) වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබූ අතර, ඇතැම් ප්‍රකාශ පරස්‌පර විරෝදී ඒවා බවද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදු වූ අවස්‌ථාවේ සමීර සේනාරත්න මහතා මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වී ජීවිතය බේරා ගත් ආකාරයට පොලිස්‌ නිලධාරියකු යොදවා පරීක්‌ෂාවක්‌ කිරීමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

එහිදී අනාවරණය වූයේ මෙම වෙඩි ප්‍රහාර එල්ල වූ ආකාරය අනුව වාහනය තුළ රියදුරු අසුනේ සිටින පුද්ගලයාට අනතුරක්‌ සිදු නොවී බේරී යා නොහැකි බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්‌ෂකවරයාගේ වාර්තාව ලැබෙන තුරු නිගමනයකට එළඹිය නොහැකි බවද පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් පොලිසිය ඊයේ (08 දා) දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් පදවා ගෙන ගිය මෝටර් රථයට ඉදිරිපසින් මුලින්ම වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වූ බවයි.

ඒ සමඟම තමන් මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වූ බවත් පසුව දකුණු පසින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් නැවතත් තමන් ඉලක්‌ක කර වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල කර පලා ගිය බවත්ය. 

මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතා ඉකුත් 06 වැනිදා රාත්‍රි 8.15 ට පමණ සිය නිවස බලා යමින් සිටියදී නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක්‌ වී තිබිණි.

බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි විදුර ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පරීක්‌ෂණ පවත්වා ගෙන යයි.

-දිවයින-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් වෙඩිල්ල ගැන සැකයක් - ප්‍රකාශ පරස්පර විරෝදී
සයිටම් වෙඩිල්ල ගැන සැකයක් - ප්‍රකාශ පරස්පර විරෝදී
http://ift.tt/2lmaZH8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy