පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී ස...
පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසදය සූදානමින් සිටින බව බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසූයේ අද (03) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එම මැතිවරණය ඉතා කෙටි කලකින් පැවැත්විය යුතු බවත්, එසේ නොවුවහොත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය.
එම සටන ජයග්‍රහණයකින් කෙළවර කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමූපකාර මැතිවරණ තුනක් පරාද වී සිටින බැවින් ඉදිරි මැතිවරණ කඩාකප්පල් කිරීමේ සූදානමක් ඇතැයිද මන්ත්‍රීවරයා පැවසී ය.
COMMENTS