එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කර පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා ව...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කර පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
බොහෝ දුරට ඔහු දේශපාලනයෙන්ද සමුගනු ඇති බවද දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ද කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවයි.
ජනාධිපතිවරණයෙන් තමන් පරාජය කිරීමට පක්ෂයේ නායකයා ඇතුළු පිරිසක් වක්‍රව කටයුතු කර ඇති බව ඔහු විස්වාස කරන බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත්වීම සමීපතමයන් පිරිසක් මැදිහත් වී වළක්වා ගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය භාර නොදෙන්නේ නම් මීළඟ මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන බලවේගයක් ලෙස තරගවැදීමට එම කණ්ඩායම දැනටමත් තීරණය කර තිබේ.
ඒ සදහා සූදානම් වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අවශ්‍ය 2/3 බලය ලබා නොදීමටද එම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇත.

COMMENTS