ඊයේ (10) හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාලසක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේ ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස වේවැලකින් පහරදුන්නේ යැ...
ඊයේ (10) හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාලසක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේ ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස වේවැලකින් පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
පහරකෑමට ලක්වූ සිසුවා හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පාසල් සිසුවෙකුට නොගැලපෙන ආකාරයෙන් කොණ්ඩය කපා ඇති බවට උරණ වූ එම ගුරුවරයා වේවැලකින් තම පිට ප්‍රදේශයට පහරවල් කිහිපයක් ගැසූ බවත් පසුව තමා නිවසට ගොස් වේදනාවෙන් සිටියදී තම පියා විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කළ බවත් පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් හැටන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS