දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
NOC, SLOC වෙයි !
Homeප්‍රවෘත්ති

NOC, SLOC වෙයි !

PropellerAds

2000 වසරේ පමණ සිට මේ පිළිබඳ සාකච්ජා කෙරුණද මතුවූ විවිධ ප්‍රශ්න හමුවේ එය දිගින් දිගටම ප්‍රමාද වී තිබේ. ක්‍රීඩාවට විශේෂ තැනක් ලබා දී ඇති රට...

ඇවන්ගාඩ් නඩුවේ ගෝඨාගේ අභියාචනය 04 වෙනිදාට කල්යයි
ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කර නිදහස් කරන්න - ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි
සමහරු එපා කියද්දීත් ජීඑල් ගෝඨාට කතා කරයි
NOC, SLOC වෙයි !
2000 වසරේ පමණ සිට මේ පිළිබඳ සාකච්ජා කෙරුණද මතුවූ විවිධ ප්‍රශ්න හමුවේ එය දිගින් දිගටම ප්‍රමාද වී තිබේ. ක්‍රීඩාවට විශේෂ තැනක් ලබා දී ඇති රටක් ලෙස අන්තර්ජාතික ප්‍රජාව හමුවේ පැහැදිලි ස්ථාවරයක් පෙන්නුම් කළ යුතු අතර විනිවිදභාවයකින් කටයුතු කරන බවට තහවුරු විය යුතු බවයි මේ පිළිබඳ අදහස් දක්වමින්ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ . රටවල් 50ක 60ක මෙම ක්‍රීඩා  ව්‍යවස්ථා ප්‍රශ්න මතුව ඇති ආතර ඔවුන් ක්‍රමානුකූලව ඒවා නිවැරදි කරගනිමින් නිශ්චිත රාමුවක් සකස් කරගනිමින් සිටින අතර අප හමුවේද එම තත්ත්වය මතුව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.  
 
ලේකම්වරයාට අනුව යෝජිත සංශෝධනය සඳහා ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය වියයුතු හෙයින් එය කඩිනමින් සිදුවේවිද යන ප්‍රශ්නය පවතින නිසා මුලික වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුව  ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ලෙස වෙනස් කිරීම සඳහා වන අනුමැතිය අදාළ ක්‍රීඩා සංගම් වලින් ලබා ගැනීම මූලික පියවර වෙයි. විශේෂයෙන් මෙරට ක්‍රීඩා ව්‍යවස්ථාවේ 31,32 වගන්ති වලට අනුව ක්‍රීඩා ඇමතිවරයාට ඕනෑම අවස්ථාවක කිසිඳු විමසීමකින් තොරව ක්‍රීඩා සංගමයක් තහනම් කිරීමට  ඇති  හැකියාව ක්‍රීඩාවේ විනිවිදභාවයට එල්ල වන අභියෝගයකි. මෙවන් අනිවාර්යයෙන් සංශෝධනය විය යුතු කාරණා හේතුවෙන් මෙරට ක්‍රීඩා ව්‍යවස්ථාව අන්තර්ජාතික මට්ටමෙන්ම ප්‍රශ්න කෙරෙමින් තිබේ. එහෙයින් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නිශ්චිත රාමුවක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව වෙයි. බොහෝ අවස්ථාවා ක්‍රීඩාවේ පසුබෑම් වලට මෙකී  නීති බලපෑම සත්‍යයක් වුවත් ප්‍රශ්නය වන්නේ මෙවන් සැබෑ කාරණා සංවාදයට නොගෙන ක්‍රීඩා සංගම් හා නිලධාරීන් හෝ විෂය භාර අමාත්‍යවරයා අතර පවතින කඹ ඇදිලි කරළියට පැමිණීමයි. ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් පවතින්නේද මෙවන් විවාදාත්මක කරුණුය. 
 
අවසන් වරට ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය 2009 වසරේ පැවති  අතර නැවත 2013 වසරේදී නිලවරණය පැවැත්වීමට යාමේදී ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුවූ ගැටළු සහගත තත්ත්වය නිසා එම නිලවරණය තවදුරටත් ප්‍රමාද වෙමින් තිබේ. කෙසේවෙතත් මෙම වසර අවසන් වීමට පෙර එම නිලවරණය පැවැත්වෙන බවයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණේ. නැවත නිලවරණයට තමන් ඉදිරිපත් නොවන අතර මෙතෙක් කාලයක් තුළ තමන්ගේ නායකත්වයෙන් ගොඩනගා ගත්  ස්ථාවරත්වයට අනුව ඔලිම්පික් නිවහන ගොඩනැගීමේ සිට ක්‍රීඩා සංගම් වල හා ක්‍රීඩකයන්ගේ දියුණුවත් පවත්නා මුල්‍යමය ශක්තියත් ජාතික ඔලිම්පික් කමිටුවේ ගමන් මඟ පැහැදිලි කරන්නක් බවයි හෙතෙම පෙන්වා දී තිබුණේ. එහෙයින් තවදුරටත් මෙම තත්ත්වය පවත්වා ගෙන යාමට හැකි  සුදුස්සන් මෙරට ඔලිම්පික් කමිටුව නියෝජනය කළ යුතු බව හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය වෙයි. 
 
ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව, නිලවරණ කම්ටුව පත්කර ගැනීම,ජාතික ඔලිම්පික් කමිටුවේ නම වෙනස් කිරීම යන ප්‍රධාන කරුණු 4ක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එළඹෙන නොවැම්බර් 09 වැනි දින ඔලිම්පික් නිවහනේදී මහා සභා රැස්වීමක් කැඳවා තිබේ. එහෙත් ඊට එරෙහිව ක්‍රීඩා සංගම් 11ක නිලධාරීන්ගේ අත්සනින් යුතුව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත. 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් විගණනය කර නොමැති වීම, 2013 වසරෙන් පසු මහා සභා රැස්වීමක්/විධායක කමිටු රැස්වීමක් හෝ නිලධාරී මණ්ඩල රැස්වීමක්  නොපැවැත්වීම ආදී කාරණා පිළිබඳව ඔවුන් ප්‍රශ්න කර තිබේ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථාවේ සැලැස්ම ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. එපමණක් නොව මෙහි තවත් විශේෂ කාරණය වන්නේ මුල්‍ය වාර්තා ඉල්ලා සිටින්නේ මුල්‍ය කමිටුවේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා වීමය. මුල්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වල තත්ත්වය හා මුල්‍ය වාර්තා පිළිබඳ නොදැන සිටීම විමතිය ගෙන දෙන්නකි. 
 
එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා  මහතා සඳහන් කරන්නේ විගණන කටයුතු වල ප්‍රශ්නයක් නොමැති අතර මෑත වසර වල විගණන කෙරමින් පවතින් බවයි. එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ මුල්‍ය අර්බුදයක් නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.
 
රටක් ලෙස අපට පමණක් හුදෙකලාව පැවතිය නොහැකිය. ආර්ථිකය , දේශපාලනය වැනි කාරණා පිළිබඳ අද දවස වන විට අපට සාකච්ජා කරන්නේ ගෝලීය මට්ටමිනි. ක්‍රීඩාවද එලෙසමය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාවද ගෝලීය සම්මුති, එකඟතාවන්ට යටත්ය. එහෙයින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. එහෙත්  මේ බිමේ පවත්නා ප්‍රශ්නය වන්නේ ප්‍රමුඛතාව දියයුතු කාරණය පසු පෙළට දමමින් පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට ලැබෙන සෑම අවස්ථාවක්ම පාහේ යොදා ගැනීමයි. අද ක්‍රීඩාව මුහුණ දී සිටින්නේ ද මෙම අර්බුදයටයි. 2009 ඔලිම්පික් නිලවරණයෙන් පසු 2017 වසර දක්වාම නිලවරණයක් පවත්වා ගැනීමට නොහැකි වීම, ක්‍රීඩා ව්‍යවස්ථාවේ අඩුපාඩු සකස් කර ගැනීමට අදටත් නොහැකි වීම, මුල්‍ය කටයුතු පිළිබඳ එකිනෙකා පරස්පර අදහස් දැක්වීම යනාදී කරුණු හරහා එම අර්බුදය පෙන්නුම් කරයි. මෙවන් කාරණාවන්හිදී තීන්දු තීරණ ගන්නේ තනිව නොවේ. සාමූහිකව රැස්වී සාමූහික එකඟතාවන්ට අනුවය. ප්‍රශ්නයක් ඇත්නම් ප්‍රශ්න කිරීමේ අයිතියටද වැට බැඳ නොමැත. ඇත්ත, පෞද්ගලික එදිරිවාදිකම් නමැති කඩතුරාවෙන් වැසිය  නොහැකිය. අනාගතය සියල්ල නිරාකරණය කිරීමට බැඳී සිටියි. එහෙයින් අද දවසේ ජාතික ඔලිම්පික් කමිටුව වටා ගෙතී ඇති කතා හෙට දවසේදී තවත් නේක ආකාරයන්ගෙන් කළඑළි බසිනු ඇත. ඒ සියලු කතා සමඟින් අපද සජීවී වන බව මෙලෙස  සටහන් කරමු. 
 
ආශිකා බ්‍රාහ්මණ 
 
noc 1
noc 2
noc 3
noc 4
noc 5
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NOC, SLOC වෙයි !
NOC, SLOC වෙයි !
http://ift.tt/2g5lr4S
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/noc-sloc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/noc-sloc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy