ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත "එට්‌කා" ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සහය ලබාදෙන්නේ මෙරට වෘත්තීයවේදී...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත "එට්‌කා" ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සහය ලබාදෙන්නේ මෙරට වෘත්තීයවේදීන්ට බලපෑමක් සිදුනොවනවා නම් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 06 වැනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ වන විට රජය "එට්‌කා" ගිවිසුම අත්සන් කිරීමට එකඟතාවය පළ කර ඇති බවත් එම ගිවිසුම අත්සන් තබන්නේ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයට ගැටලුවක් නැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයා නැවත පත් කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ බවත් එම මතය වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ බව තේරුම් ගතයුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
COMMENTS