දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න' - ජනපතිගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

'හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න' - ජනපතිගෙන් ඉල්ලයි

PropellerAds

කුමන්ත්‍රණයක යෙදී සිටින හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය , පුරවැසි බලය යන සිවිල් සමාජ කණ්...

"රාජපක්ෂවරු හොරු නෙවෙයි" - මර්වින් මහින්ද පිළට?
පොහොර නැව කොළඹ වරායට
LTTE මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර්ට පහර දෙයි
'හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න' - ජනපතිගෙන් ඉල්ලයි

කුමන්ත්‍රණයක යෙදී සිටින හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය යන සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

හමුදා ප්‍රධානීන් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තැබීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ පොලිසිය විවේචනය කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විරෝධය දැක්වීම සඳහා ඊයේ කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදී ඔවුහු මෙම ඉල්ලීම කළහ.

එහිදී මහාචාර්ය සරත් විජේසූරිය චෝදනා නගමින් පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීමට සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ කුමන්ත්‍රණ හේතුවී ඇති බවකි.

"අවුරුදු 8ක් තිස්සේ රාජපක්ෂ පාලනය තුළ මේ තනතුර දැරූ පුද්ගලයාම තමයි තාමත් මේ තනතුර දරන්නේ, ත්‍රිවිධ හමුදාවම ජනාධිපතිවරයාට විරුද්ධ තැනක සිටින බවටවන මිත්‍යාව ඔහු වපුරලා තියෙනවා" යැයි හෙතෙම සදහන් කළේය.

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ යොදවා කළ අපරාධ සම්බන්ධ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති අවස්ථාවක පැවැති රජයේ ප්‍රබලයන් මෙන් ම තමා ද අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීම සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස ක්‍රියාකරන බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පෙන්වා දුන්නේය. 

" මාදුළුවාවේ සෝභිත හිමියන් නියෝජනය කරන සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ නියෝජිතවරයා ලෙස මම ඉල්ලා සිටිනවා හමුදාවේ ප්‍රශ්න ගැන තොරතුරු ලබාදීමට බාධා කරන මේ පුද්ගලයා ඉවත්කරන්න කියලා" 

මෙහිදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැදින්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතවාදය නියෝජනය කිරීමක් ලෙසය.

ජනාධිපතිවරයාට ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ප්‍රශ්නයක් නම් ඔහු කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම විනා මෙවන් ප්‍රකාශකිරීම නොවන බව ද ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට එල්ල කරන චෝදනා පිළිබඳව කරුණු විමසීමට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධකරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. 

 

(බීබීසි සංදේශය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න' - ජනපතිගෙන් ඉල්ලයි
'හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න' - ජනපතිගෙන් ඉල්ලයි
http://ift.tt/2ehJrwg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_132.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_132.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy