රාජපක්ෂවරු හොරු නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඒ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් ...
රාජපක්ෂවරු හොරු නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඒ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පසුගිය රජය කාලයේ ලබා ගත්ත අධාර හෝ ණය පේන්න යමක් වුණා. දැන් මේ මොරගහකන්ද පටන් ගත්තෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඉන්න කාලෙයි, දැන් ජනාධිපතිතුමා මහවැලි ඇමතිතුමා ඉන්න කාලෙයි. රුවන්වැලිසෑය දුටුගැමුණු මහ රජතුමාට ඉවර කර ගන්න බැරි වුණාට එතුමාගේ මරණෙන් පස්සේ ඒක හැදුවනේ. අදත් ඒක පවතිනවනේ. මම එකක් කියන්න ඕනේ. මම රුහුණේ කෙනෙක්. රාජපක්ෂවරු හොරු නෙවෙයි. තියෙන දේ විකුණලා තමයි දේශපාලනය කළේ. කොහොමහරි මට ජන්දේ ඉල්ලන්න හම්බුණේ නැහැ. ඒක නම් චන්ද්‍රිකා නෝනගේ වැඩක්. එයා දැන් මොකක්ද අලුතෙන් තියෙන්නේ එකක් සංහිදියාව බදාගෙන දගලනවනේ. ඒගොල්ලන් වෙනත් ජාතීන් එක්ක ලව් කරනකොට ඒ ජාතීන් බේරන්න රටත් පාවලා දෙන්න තමයි හදන්නේ. එහෙම ඉන්නකොට බලනවා රයිට් අපි උබලට රටෙන් කෑල්ලකුත් දෙන්නම් මේ අපි දෙන්නගේ ලව් එකට. ඒකනේ මේ වෙන්නේ. නාම යෝජනා නොදුන්නට රාජපක්ෂවරුත් එක්ක මගේ හබයක් නැහැනේ. මේ රටේ අත්දෙක පද්දලා, යන්නෙ එන්නේ ක්‍රියා කරන්නේ එතුමාට පින්සිද්ද වෙන්නනේ. අපිත් ඒ රජයේ හිටියා. අපිටත් ඒක පිනක්.”
COMMENTS