මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල අංශයෙන් දරුවන් තෝරා ගැනීමේ ලකුණු මට්ටම 154ක් දක්වා ඉහළ දැමීම වැලිඔය දරුව...
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල අංශයෙන් දරුවන් තෝරා ගැනීමේ ලකුණු මට්ටම 154ක් දක්වා ඉහළ දැමීම වැලිඔය දරුවන්ට විශාල අසාධාරණයක් බව පවසමින් එය වහාම පහත හෙලන ලෙස ඉල්ලා වැලිඔය දෙමව්පියන් පිරිසක් උපවාසයක නිරතව සිටී.
ඊයේ (12) උදෑසන වැලිඔය ඇහැටුගස්වැව විදුහල ආසන්නයේ මුලතිව් ප්‍රධාන මාර්ගය අසලදී මෙම උපවාසය ආරම්භ කර ඇති අතර එක් පියෙකු ගසක් උඩට වී උපවාසයෙහි නිරත වී තිබේ.
ඔහු කියාසිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල අංශයෙන් ශිෂ්‍යත්ව දරුවන් තෝරා ගැනීමේ ලකුණු මට්ටම 154ට වඩා අඩු කරන ලෙසත් එසේ අඩු නොකළහොත් තමන් ගස උඩදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගන්නා බවත්ය.
උපාවසයේ නිරත දෙමව්පියන් පවසන්නේ 2013 වසර සිට මේ දක්වාම මුලතිව් දිස්ත්‍රික්කයේ ලකුණු මට්ටමට වැලිඔය සිංහල අංශයේ දරුවන් ද තෝරාගත් නමුත් මෙවර එය වෙනස් වී ඇති බවයි.
මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල අංශයෙන් ලකුණු 154න් ඉහළ දරුවන් තෝරාගෙන ඇති අතර දෙමළ අංශයෙන් 151න් ඉහළ දරුවන් තෝරාගෙන තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමව්පියන් කියාසිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද මෙවර ලකුණු 151න් සියළුම දරුවන් තෝරාගෙන ඇති නම් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල අංශයෙනුත් ලකුණු 151න් තෝරාගැනීම සිදුකළ යුතු බවයි.
ඊයේ මෙම ස්ථානයට පැමිණි වැලිඔය අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂ එන්. ඩබ්ලිව්. රාමනායක මහතා ප්‍රකාශ කලේ මෙම දෙමව්පියන් නගන චෝදනාවේ සත්‍යයක් පවතින බැවින් ඒ පිළිබඳව ඉහල බලධාරීන්ට දැනුම්දීමට කටයුතු කළ බවයි.
උපවාසයේ නියැලෙන්නන්ට වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රදාස මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ආරක්ෂාව සපයයි.
COMMENTS