ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට කඩිනමින් ක...
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් අද රාති‍්‍රයේ රුසියාව බලා පිටත්කර යවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මේ පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් තමා විශේෂ ඉල්ලීමක් සිදුකරන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහය ශී‍්‍ර ලංකාවට හිමිවනු ඇති බවත් එබැවින් මේ පිළිබඳව තේ කර්මාන්තයේ නිරත කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) හපුතලේ පැවති ජන හමුවක් අමතමිනි.
රුසියාවට තේ සපයන එක්තරා සමාගමක් විසින් ඇසුරුම්කරන ලද තේ පෙට්ටියක සිටි තේ කර්මාන්තයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද හානිදායක කෘමියෙකු රුසියාවේදී සොයා ගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ තේ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රුසියාව කටයුතු කරන ලදී.
අදාළ ගැටලුවට වගකිවයුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා අදාළ පරික්ෂණවලදී සමාගම වැරදිකරු බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත‍්‍රය තහනම් කිරීමට ද කටයුතු කරන බව මෙහිදී කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.
“අපේ තේ කර්මාන්තයට විශාල පහරක් වැදී තිබෙනවා රුසියාව තේ නොගන්න තීරණය කිරීම හේතුවෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ පෞද්ගලික ආයතනයක් විසින් අපනයනය කරන ලද තේ වගයක කෘමියෙක් සිටීමයි. ඒ නිසා රුසියාව තාවකාලිකව අපගේ තේ ගැනීම නතර කර තිබෙනවා.
මම දැනට ලිපියක් හදලා තියෙනවා. රුසියානු ජනාධිපති වෙත එය මම අද (18 දා) තැපැල් කරනවා. ඊට අමතරව මම වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, රිෂාඩ් බදුයුදීන් ඇමැති ඇතුළු පිරිසක් රුසියාවට යවලා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මේ පෞද්ගලික ආයතනය පිළිබඳව දැඩි සෙවීමක් කර නීතිමය පියවර ගන්නවා.“ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
තේ වල සිටියේ ධාන්‍ය බෝග වල සිටින කුරුමිනියෙක්!
මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසූවේ රුසියා රජය විසින් ශ්‍රී ලංකාවේ තේ අපනයන සඳහා පනවා ඇති තාවකාලික තහනමට කඩිනමින් විසදුම් ලබා ගන්නා බවයි.
ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයන කරන ලද තේ බහලුමක ධාන්‍ය බෝග වල සිටින කුරුමිනියකු සිටිම නිසා එරට රජය විසින් තාවකාලිකව තහනමි කර ඇති තේ අපනයන සම්බන්ධයෙන් කඩිනමින් එරට සමාජ සාකච්ඡාකර විසදුමක් ලබා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ තේ බහලූම් රැගෙන රුසියාව බලා ගිය නෞකාව වරායන් කිහිපයකම නතර කර යන බවත් ධාන්‍ය බෝග වල සිටින මෙම කුරුමිනියෙකු තේ වලට පැමිණියේ කෙසේද යන්න පිලිබදව තමන්ට ගැටලූවක් බවත්ය.
රුසියාව ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන තේ අපනයන රටක් බවත් දැනට පැන නැගි ඇති ගැටලූව සම්බන්ධයෙන් මේ වන විටත් රාජ්‍යත‍්‍රාන්ති‍්‍රක මටිටමින් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.
ඇමැතිවරු තිදෙනෙකු මොස්‌කව් නුවරට
මේ අතර රුසියානු රජය මෙරට තේ වලට පනවා ඇති තහනමත් සමඟ ඇතිව තිබෙන අර්බුදය විසඳාගැනීමට කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු මේ සතියේදී මොස්‌කව් බලායාමට නියමිතය.
ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය පනවා ඇති තහනම අද (18) සිට ක්‍රියාත්මකය.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් මෙලෙස රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.
රුසියාව ශ්‍රී ලංකා තේ වල ප්‍රධානතම ගැනුම්කරුවා වේ. මේ වසරේ මුල් මාස දහය තුළ රුසියාව ඩොලර් මිලියන 23 ක් වටිනා තේ කිලෝ මිලියන 29 ක් මිලදී ගෙන ඇත.
COMMENTS