පසුගියදා තලවතුගොඩ ජපන් මිත්‍රත්ව පාළම අසලදී මෝටර් රථයක් දියවන්නා ඔයට වැටීමෙන් අනතුරක් සිදුවිය. එහි රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකි ...
පසුගියදා තලවතුගොඩ ජපන් මිත්‍රත්ව පාළම අසලදී මෝටර් රථයක් දියවන්නා ඔයට වැටීමෙන් අනතුරක් සිදුවිය.
එහි රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
වේගයෙන් පැමිණි මෝටර් රථය දියවන්නා ඔයට වැටෙන අවස්ථාවේ ඒ අසල ශරීර සුවතා මං තීරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වහාම ඔයට පැන රියදුරුගේ දිවි බේරාගෙන තිබේ.
අනතුර හේතුවෙන් රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති අතර මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරට ලක් වූ මෝටර් රථය පසුව ඔයෙන් ගොඩට ගෙන තිබේ.
ගොඩටගනු ලැබූ අවස්ථාවේදී තවත් අනතුරක් සිදුවන්නට ගොස් ඇති අතර රැස්ව සිටි පිරිසගේ විමසිල්ල හේතුවෙන් එම අනතුර වැළකී ගොස් තිබේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
COMMENTS