ඊයේ (07) හම්බන්තොට වරාය පරිශ්‍රයේදී වැහිලිහිණි කූඩූ 100කට අධික ප්‍රමාණයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිළධාරීන්...
ඊයේ (07) හම්බන්තොට වරාය පරිශ්‍රයේදී වැහිලිහිණි කූඩූ 100කට අධික ප්‍රමාණයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිළධාරීන් සමත් වී තිබේ.
යාල වනජීවී කාර්යාලයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ යාල සහ හම්බන්තොට කාර්යාලයන්හි වනජීවී නිළධාරීන් පිරිසක් විසිනි.
මෙම වැටලීම හම්බන්තොට ජාත්‍යන්තර වාරය පරිශ්‍රයේදී සිදුකර ඇති අතර එහිදී වැහි ලිහිණි කුඩු 100කට අධික ප්‍රමාණයක් මෙන්ම වැහිලිහිණි කූඩු වලින් සකසමින් තිබු අාහාර විශේෂයක් සමඟ එය බහා තිබු ශිතකරනයක් ද වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. ගුණතුංග මහතා ප්‍රකාශ කළේ මෙලෙස වැහිලිහිණි කුඩු කඩා අධික මිලගණන් යටතේ අලෙවි කිරීමට නෙයෙක් ජාවාරම්කරුවන් කටයුතු කිරීම නිසා වැහිලිහිණියන්ගේ බෝවිමට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බවයි.
මෙම වැටලීම හම්බන්තොට සහ යාල වනජීවී කාර්යාලයන්හි අඩවි ආරක්ෂකවරුන් වන ඩබ්ලිවි .එම් ඒ .ගුණතුංග, සිසිර කුමාර එම්. ගී. ප්‍රේමදාස සහ අඩවි සහකාර විජය කුමාර සමඟ වන සත්ත්ව නියාමකවරුන් වන සම්පත්, ගයාන් දුෂ්‍යන්ත, මධුර ප්‍රසන්න, සේනුදින්, කැලුම් ලක්මාල්, චමින්ද කුමාර, අජිත් නන්ද කුමාර, චතුරිකා දීපානි, පි. එස්. සේව්වන්දි යන නිලධාරින් විසින් සිදුකර ඇත.
ඡායාරූප පහතින්.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS