මැතිවරණයක් පැවැත්විය යුත්තේ, රටේ වත්මන් අර්බුද විසඳීමෙන් පසුව බව හිටපු අගමැති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ පවසා ඇත. ...
මැතිවරණයක් පැවැත්විය යුත්තේ, රටේ වත්මන් අර්බුද විසඳීමෙන් පසුව බව හිටපු අගමැති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ පවසා ඇත.
විපක්‍ෂයේ බොහෝ දෙනෙකු වර්තමානයේ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ කතා කළ ද වත්මන් කාලපරිච්ඡේදය ඒ සඳහා සුදුසු නොවන බව තම මතය යැයි මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබේ.
පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත. ජනතාව ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක සිටින නිසා ඔවුන්ට මැතිවරණ පිළිබඳ මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි බව ද, වත්මන් පාලකයන් රටේ ප්‍රශ්න කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු පවසා තිබේ.
මෙම අර්බුදවලට තනි තනිව නොව පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනා එකතුවී විසඳුම් සෙවිය යුතු බව ද රටේ අර්බුද විසඳීම වෙනුවෙන් සහාය දීමට පක්‍ෂ, පාට, භේද ඉවත ලා පාලක පක්‍ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද එහි හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත.

COMMENTS