අද (27) අලුයම නාවලපිටියේ සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ එන්ජිම හා තෙල් ප්‍රවාහනය ක...
අද (27) අලුයම නාවලපිටියේ සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ එන්ජිම හා තෙල් ප්‍රවාහනය කරන ටැංකියක් කොටගල දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීම හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු දහවල් 12.00 පමණ වනවිට යථා තත්ත්වයට පත්කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි.
මෙම පීලි පැනීම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියත් හැටන් සහ තලවාකැලේ දුම්රිය ස්ථාන දෙකෙහි නවතා තිබුණි.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුවී තිබේ.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS