දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘කොරෝනා ඩෙල්ටා’ වේගයෙන් පැතිරෙමින්.. ආරක්‍ෂාවීමට ගත යුතු පියවර රජයේ නිවේදනය මෙන්න
Homeප්‍රවෘත්ති

‘කොරෝනා ඩෙල්ටා’ වේගයෙන් පැතිරෙමින්.. ආරක්‍ෂාවීමට ගත යුතු පියවර රජයේ නිවේදනය මෙන්න

PropellerAds

ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීගෙන යාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියා ස...

''වැලිකඩ ඝාතන සිද්ධියෙන් ගෝඨා බේරාගැනීමේ කුමන්ත්‍රණයක්” [Video]
පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සුමතිපාලලාට, රණතුංගලාට සහ ධර්මදාසලාට විවෘත ලිපියක් - ගීතාල් ප්‍රනාන්දු
ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීගෙන යාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියා සිටි.

ඒ හේතුවෙන් එය ආසාදනයෙන් වැලකීමට ගත යුතු අත්‍යවශ්‍ය පියවර කිහිපයක් ඔවුන් නිවේදනය කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.

අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන
2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ
3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම
2. දෑත් පිරිසිදුව තබා ගැනීම
3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.

ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.

– HPB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘කොරෝනා ඩෙල්ටා’ වේගයෙන් පැතිරෙමින්.. ආරක්‍ෂාවීමට ගත යුතු පියවර රජයේ නිවේදනය මෙන්න
‘කොරෝනා ඩෙල්ටා’ වේගයෙන් පැතිරෙමින්.. ආරක්‍ෂාවීමට ගත යුතු පියවර රජයේ නිවේදනය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwDU2_sPeIsrpHKnw8Zll2MbszVshZZ-qbTnL-PqkxmjZ8fn5N1U9RJOc6z6drxhreJ6L8-zEHlICqtoTPE0kAqaUUrB0Sjpk6V_IvzREoOUkzvOrNrEi5iuxyHM_1i2Lk8_ZmuBOYg6A/s320/delta.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwDU2_sPeIsrpHKnw8Zll2MbszVshZZ-qbTnL-PqkxmjZ8fn5N1U9RJOc6z6drxhreJ6L8-zEHlICqtoTPE0kAqaUUrB0Sjpk6V_IvzREoOUkzvOrNrEi5iuxyHM_1i2Lk8_ZmuBOYg6A/s72-c/delta.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_710.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_710.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy