ජනාධිපති මෛත්‍රිපාල මහතා රැගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බැස්සවීමේදී ලොරියක සිට එය වීඩියෝ ගතකල වැල්ලවත්තේ 26 හ...
ජනාධිපති මෛත්‍රිපාල මහතා රැගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බැස්සවීමේදී ලොරියක සිට එය වීඩියෝ ගතකල වැල්ලවත්තේ 26 හැවිරිදි රියදුරෙකු පොලීසියෙන් සැකපිට අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.
තමා ආසාවට එය වීඩියෝ ගතකල බව ඔහු ප්‍රකාශ කර තිබේ. ලිඳුලේ පදිංචිකරුවෙක් වන මොහු වැල්ලවත්තේ නතරවී සිටින ලොරි රියදුරෙකු බව හඳුනාගෙන ඇත.
මොහු ගැන ත්‍රස්ත විමර්ෂණ අංශය හා රහස් පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
ජනපති රත්නපුරේ ගොස් එමින් සිටියදී මෙය සිදු වු බව වාර්තා වෙයි.
COMMENTS