දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 
Homeප්‍රවෘත්ති

පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 

PropellerAds

මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලූම රටවල් අනුගමනය කළ යුතු ක‍්‍රම හා විධි සහිත ඓතිහාසික ලියවිල්ලක් වූ පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ ...

එජාප අවසන් ජන රැලිය - සජීවි විකාශය
ජනපති පොළොන්නරුවට - ශ්‍රීලනිප අවසන් ජන රැලියේ සජීවි විකාශය
ලබන 10 වනදායින් පසු ජනපති අලුත් ගමනක
පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 

මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලූම රටවල් අනුගමනය කළ යුතු ක‍්‍රම හා විධි සහිත ඓතිහාසික ලියවිල්ලක් වූ පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊයේ (21) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම සියවස තුළදී ගෝලීය උෂ්ණත්වය කාර්මීකරණයට පෙර තිබුණු උෂ්ණත්වය මෙන් සෙන්ටිගේ‍්‍රට් අංශක 02 කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා සියලු රටවල් එක්සත් කිරීම පිණිස මෙම සම්මුතියට එළැඹ තිබේ.

2015 දෙසැම්බර් මාසයේ පැරිස් නුවරදී පැවැත්වුණු දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියෙහි 21 වැනි වාරයේ අවසන් තීරණය ලෙස මෙම සම්මුතිය සකස් කෙරුණු අතර එම සමුළුවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු ලෝකයේ රාජ්‍ය නායකයින් 158 දෙනෙකු පමණ සහභාගී වූහ.

ලොව අනාගත ඉදිරි ගමන හා ජනතාවගේ සුඛ විහරණය තීරණය කරන සුවිශේෂී සම්මුතියක් වන මෙම සම්මුතියට ශී‍්‍ර ලංකාව ද අනුගතව සිටින අතර එම සම්මුතිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර බලාත්මක නීතියක් බවට පත් කිරීමට මේ වනවිට ශී‍්‍ර ලංකා රජය කටයුතු කර තිබේ.

ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා ලෙස මෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත භාර දුන් අතර පරිසරය කෙරෙහි ඉතා සංවේදී රාජ්‍ය නායකයෙකු වන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම මහ ලේකම්වරයාගේ විශේෂ පැසසුමට ලක් විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 
පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 
http://ift.tt/2cvL3mJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_919.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_919.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy