දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වස විස නැති, වී ‍ගොවිතැන සාර්ථකයි.
Homeප්‍රවෘත්ති

වස විස නැති, වී ‍ගොවිතැන සාර්ථකයි.

PropellerAds

කාබනික වී ‍ගොවිතැන මෙරටට හිතකරම වගා ක්‍රමය බව පසක් කරමින් පසුගියදා රජරට ප්‍රදේශයේ කාබනික වී ගොවිතැනේ යෙදුනු ගොවීන් සාර්ථක අස්වැන්නක් නෙළාග...

බුද්ධි අංශය තුළ සිට ඉස්ලාම් සංවිධාන හදන්න ගිය කැප්ටන් ගැන අනාවරණය වෙයි
උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් රුසියානු සංචාරකයින් යළි ගෙන්වීමේ සූදානමක් !
අටමස්ථානයේ හිමිනමක් සක්මන් කරද්දී ඇදවැටී අපවත් වේ !

කාබනික වී ‍ගොවිතැන මෙරටට හිතකරම වගා ක්‍රමය බව පසක් කරමින් පසුගියදා රජරට ප්‍රදේශයේ කාබනික වී ගොවිතැනේ යෙදුනු ගොවීන් සාර්ථක අස්වැන්නක් නෙළාගනු ලැබීය.

එය ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැගුණු "වස විස නැති රටක්" තුන් අවුරුදු ජාතික සැලැස්මේ තවත් එක් කඩයිමක්ද විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඔුලාගල කොට්ඨාශය සහ ත්‍රිකුණාමලය පදවිය කොට්ඨාශයට අයත් ගොවීන්ගේ වී අස්වැන්න පිළිබදව කරන ලද සමීක්ෂණ ඔස්සේ කාබනික වගාවේ ඇති හිතකර තත්ත්වය පිළිබදව මෙහිදී අනාවරණය කර ගන්නා ලදි.

මෙම අවස්ථාවට මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ප්‍රදේශයේ ගොවිජන සේවා කාර්යාල, වෙනත් ගොවි  සංවිධාන, උපායමාර්ගික හා ව්‍යවසායකත්ව කළමනාකරණ ආයතනය සහ සිවිල් ආරක්ෂක බලකාය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

කාබනික වී වගාව

කාබනික වී වගාවේදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් සාදාගත් පොහොර වර්ග සහ දියර වර්ග පමණක් යොදා ගනී.දිගුකලක් රසායනික ද්‍රව්‍ය යෙදවූ මෙම පස මේ වන විට නිස්සාර වී ඇති බැවින් එය යළි සරු පසක් බවට පත්කර ගැනීම ක්ෂණිකව කළ නොහැකිය.යෙදවුම් සහ ක්ෂුද්‍රජීව ක්‍රියාවලිය ඔස්සේ පස සාරවත් වීම වගාවාර වැඩිවීම අනුව සිදුවන්නකි.වී වගාවට යොදා ගතහැකි කාබනික පොහොර සදා ගැනීමට ගිනිසීරියා ,ගවමුත්‍රා ,අමුගොම , ඉදුණු පලතුරු , මාළු වැනි ද්‍රව්‍ය භාවිතයෙන් දියර පොහොර මෙන්ම කොම්පෝස්ට් වර්ග ද සකසා ගනී. මේවා විශාල ක්ෂෙත්‍රයකට කුඩා ප්‍රමාණයක් ප්‍රමාණවත්ය.උදාහරණයක් ලෙස මුහුදු මාඵ කිලෝ තුනකින් සාදාගත් මාළු දියර පොහොර ,වී අක්කරයකට ප්‍රමාණවත් වන්නේය.

පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය කොට්ඨාශය

මෙම  කොට්ඨාශයට අයත් ගොවීන් 50 වැඩි සංඛ්‍යාවක් කාබනික වගාවට යොමුව ඇත.ඒ අතරින් කරුණාසේන ගොවි මහතාට අයත් කුඹුරෙන් ලත් අස්වැන්නේ ප්‍රමාණය මත කාබනික වී වගාවෙන් අක්කරයකට වී බුසල් 115 ක් පමණ ලබා ගතහැකි බව නිර්ණය විය.

මේ අවස්ථාවේ වගාවේ වැදගත්කම පිළිබද අදහස් දැක්වූ මහවැලි බී ප්‍රධාන පුහුණු උපදේශක රසික රත්නායක මහතා,

"කාබනික පොහොර යෙදූ සහ රසායනික පොහොර යෙදූ ගොයම් ගසක වෙනස හරි පැහැදිලි.කාබනික පොහොර යෙදූ ගොයම් ගසේ ගැඹුරු මූළ පදිධතියක් තිබෙනවා.ඒ නිසා ජලය රදවා ගැනීමේ හැකියාව වැඩියි. කාලගුණ විපර්යාස ,රෝග වලට ඔරොත්තු දීම වැඩියි. පස සංතෘප්තයි. නමුත් රසායනික ද්‍රව්‍ය ‍වලින් සැදූ ගොයම් ගසේ කෙටි මූළ පද්ධතියක් තියෙන්නේ. කාබනිත ද්‍රව්‍ය ව්‍යාප්ත වී නැහැ. පැල ප්‍රමාණය බෙහෙවින් වැඩියි. ඒවගේම කාබනික වගාවේදී ස්වභාවිකවම පළිබෝධ නාශනය සිදුවීම වැදගත්.කාබනික වී වගාවේ යෙදීම ගොවියා ලබන විශාල ජයග්‍රහණයක්"  යනුවෙන් අදහස් දැක්වීය.

සිය වගාව පිළිබද අදහස් දක්වමින් කරුණාසේන ගොවි මහතා කියා සිටියේ  වස විස නැති වී හරියාකාරව විකුණා ගැනීම පිළිබදවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවයි.මෝල් හිමියන්ට විකිණීමේදී මෙම වී යළිත් රසායනික යෙදූ වී සමඟ කවලම් වීම අපරාධයක් බව ඔහු පවසයි.

වී අලෙවි කරගැනීමේ ගැටලුව පිළිබදව විමසීමේදී කොට්ඨාශ කළමනාකාර තුසිත හේරත් මහතා කියා සිටියේ  මහවැලි අධිකාරිය සහ වෙනත් අදාළ ආයතන එක්ව මේ සඳහා වැඩපිලිවෙලක් සකස් කරන බවයි.

ත්‍රිකුණාමලය පදවිය කොට්ඨාශය

ත්‍රිකුණාමලය පදවිය කොට්ඨාශයේ ගොවීන් සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් කාබනික වී ගොවිතැන සඳහා යොමුවී සිටී.බෙත්මයකට අනුව අනුන්ගේ කුඹුරක් අස්වද්දා වගා කිරීමට සිදුව තිබියදීත් ගොවීන් මෙපමණ පිරිසක් කාබනික වී වගාවට යොමු වීම සුභදායී තත්ත්වයකි. පදවිය ශ්‍රීපුර ඩී 1 සහ ඩී 2 ඇළ ප්‍රදේශයෙන්  ලත් අස්වැන්න අනුව අක්කරයට ලබා දෙන වී ප්‍රමාණය බුසල් 177.5කි. මෙය ඉතා හොද මට්ටමක් බව දක්වන ත්‍රිකුණාමල ප්‍රධාන ගොවි පුහුණුකරු  කේ.ඩී සුනන්දලාල් මහතා පැවති ජල ගැටලුව පරදවමින් අස්වනු නෙලා ගෙන ඇති බව සඳහන් කළේය.

එමෙන්ම බිත්තර වී වගාව අක්කර 989 ක භූමි ප්‍රමාණයක සාර්ථකව සිදු කර ඇත. 50% ක දායකත්වය යටතේ ලබා දුන් බිත්තර වලින් මේ වන විට අක්කරයට බුසල් 118 ක අස්වැන්නක් ලබා ගන්නා අතර ඉදිරියේදී එය බුසල් 130-150 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පදවිය මූලස්ථාන කෘෂි උපදේශක එස්.එම්.ඩී.එන් සෙනෙවිරත්න මහතා පැවසීය.

කාබනික වී වගාවේ යෙදෙන පදවිය,දිඹුලාගල ගොවීන් අනෙක් ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ අඩු වියදමකින් වැඩි අස්වැන්නක් මෙන්ම ස්ථාවර ආදායමක් ලබා ගත හැකි කාබනික ගොවිතැනට යොමුවන ලෙසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වස විස නැති, වී ‍ගොවිතැන සාර්ථකයි.
වස විස නැති, වී ‍ගොවිතැන සාර්ථකයි.
http://ift.tt/2vWwBMX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_855.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_855.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy