නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වාදීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට,...
මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මේ පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳව එහි නීති ඇළත් වේ.
මීට පෙර “අධිකරණයකට අපහාස කිරීම” වරද පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත විධිවිධාන සහ අවස්ථානුගත තත්ත්ව, විත්තිවාචක සහ දඬුවම් ලිහිල් කිරීම සහ දඬුවම් ලිහිල් කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය ඇතුළත් “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වා දීම සඳහා 2022 06 27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.

COMMENTS