කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්න...
කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද(06) කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පක්ෂය මගින් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් නොගත්තත් ජනතාව විසින් ඔවුන් සම්බන්යෙන් ඉදිරියේදී තීන්දු ලබාදෙනු ඇතැයි ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
කුමන මතවාද දැරුවත් පක්ෂයේ උපන් දිනය සැමරෙන සම්මේලනයට සහභාගී වීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබූ බවත් එසේ නොපැමිණි අය සම්බන්ධයෙන් තීන්දු දීමට සිටින සුදුසුම පිරිස වන්නේ පක්ෂය සමඟ සිටින ජනතාව බවත් අමාත්‍යවරයා පැවසී ය.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරටදී එල්ල වූ විරෝධතා හෙළා දකින බව ද හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS