තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ඊයේ (02) දිවයිනෙන් පිටව ගියේය. ඊයේ ස...
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ඊයේ (02) දිවයිනෙන් පිටව ගියේය.
ඊයේ සවස කොළඹ ගාලූමුවදොර හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වූ මහ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ඉන් අනතුරුව කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනෙන් පිටත් විය.
2009 වසරේදී තමන් ශ්‍රී ලංකාවේ කළ සංචාරය හා සැසදීමේදී වසර 07කට පසු ශ්‍රී ලංකාවේ පැහැදිලි වෙනසක් දැකගත හැකි බව ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
COMMENTS