දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නිරුවත් අගුටුමිට්ටෙක් ආණ්ඩුකාර බංගලාව දෙසට පැන දුවයි.. උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්…

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසිය...

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක් විසින් දැක තිබේ.

වලහෙකුගේ මෙන් පෙනුම ඇති කොණ්ඩය දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසැති එම අඟුටු මිට්ටා හේතුවෙන් ගම්වාසීහු මේ දිනවල මහත් බියට පත්ව සිටිති.

එම අඟුටු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ, ජලනල සකස් කිරීමට ගොස් සිට ඇති ඩී.ඉන්ද්‍රසිංහ නමැත්තෙකි.

ඔහු පවසා සිටියේ, “අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුටුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුන උල් ඇස් දෙක රතුපාටයි දැක්ක ගමන් මට බයක් ඇති උනා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න කියලා ක්ෂණිකව මම මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළගට යන්න යනකොට පස්නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටුමිට්ටා දැකලා තියෙනවා.“ යනුවෙනි.

ඩී.ඉන්ද්‍රසිංහට අමතරව තවත් කිහිපදෙනෙක් ම අඟුටු මිට්ටාව දැක ඇති අතර, ඔවුන් සෑමකෙනෙකුම කළු ශරීරයකින් හෙබි මිටි පුද්ගලයෙකු පිළිබඳ විස්තර කරන්නට විය.

14 හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, “මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලුවා හරිම භයානක් මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා.“ යනුවෙනි.

ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ මෙලෙස විස්තර කරන්නට විය.

“මල්ලි කෑගහෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.“

එම සිදුවීමත් සමග නේත්‍රාගම ගම්වැසියෝ බෙහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.

මීට ශත වර්ෂ කිහිපයකට පෙර අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නීත්තෑවන් ගැවසුණු බවට මත පවතී.

කුරු මිනිසුන් ලෙස අඟ පසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නීත්තෑවන්, මෙරට වැදි ජනයා සමග නිතර ගැටුණු බවට ද ජනප්‍රවාදයේ පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස නීත්තෑවන් ව වැදි ජනයා විසින් ඝාතනය කළ බවට අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශ වන ජනයා අතර මතයක් තිබේ.

නමුත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තෝ එම මතය ප්‍රතික්ෂේප කරයි.

– adaderana

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28608,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරුවත් අගුටුමිට්ටෙක් ආණ්ඩුකාර බංගලාව දෙසට පැන දුවයි.. උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්…
නිරුවත් අගුටුමිට්ටෙක් ආණ්ඩුකාර බංගලාව දෙසට පැන දුවයි.. උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS9l7r4oEn985Qsfj1_Pvuf4IPFE58CTuw0zped4r2yJu25GbJm3UgFQWedFKNImKrubs7A-FJtL7osfwst5ZJnUHX0joVVP5YamxF5FKWv1C8DvD8JSE77m9yOyMqCdeGXoaFoU-q2aE/s320/nitt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS9l7r4oEn985Qsfj1_Pvuf4IPFE58CTuw0zped4r2yJu25GbJm3UgFQWedFKNImKrubs7A-FJtL7osfwst5ZJnUHX0joVVP5YamxF5FKWv1C8DvD8JSE77m9yOyMqCdeGXoaFoU-q2aE/s72-c/nitt.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_948.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_948.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy